ගුරුවරුන්ගේ අවසන් තීරණය අද.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බවට වාර්තා වේ.

මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොමැතිව ඇතැම් විෂයන්වල උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලු සහගත බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා සදහන් කළ අතර සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවට එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version