කාසල්රි ජලාශයට ඉහළ කොටසේ ලඳු කැළෑව තුළ පසුගිය 21 වනදා හටගත් ගින්න හේතුවෙන් එම ලඳු කැළෑවේ කොටසක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ කාසල්රි ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලයට අයත් කාර්මික විදුහලට පහළින් පවතින මෙම ලඳු කැළෑව තුළ ගින්න හට ගෙන ඇති බව කාසල්රි ජලාශය භාර නිලධාරීවරයෙකු ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රදේශයට පවතින වියළි කාලගුණික හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ එය මැඩපැවැත්වීම අසීරු තත්වයක පවතින බවත් , ඒ සදහා යුධ හමුදා නිලධාරීන් , කාර්මික විදුහලේ පිරිස මෙන්ම කාසල්රි ජලාශය භාර ආරක්ෂක නිලධාරීන් පියවර ගනිමින් සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
