කොළරොඩු ගින්න කතක් අවුලයි.

පොල්පිතිගම නාගොල්ල ප්‍රදේශයේදී ගින්නකට හසුවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .

මෙම කාන්තාව නිවසේ කුණු රොඩුවලට ගිනිතබන අවස්ථාවේදී අසල තිබූ මානා ගස්වලට ගින්න ඇවිලීමෙන් පසු එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී ඇයගේ ඇඳුමට ගිනි ඇවිලී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 70 හැවිරිදි ගලපිටමඩ, පොල්පතිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මෘතශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

Exit mobile version