කතරගමට යන වතුකරයේ පළමු කණ්ඩායම පාගමන් අරඹයි.

කතරගම ඇසළ පෙරහැරට සහභාගී වීම සඳහා වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගී වන වතුකරයේ පළමු කණ්ඩායම අද (10) දින හැටන් ප්‍රදේශයේ සිට පාගමනින් ගමන් ආරම්භ කළ බව වාර්තා වේ.

ඒ අනුව හැටන් , නුවරඑළිය , වැලිමඩ , බණ්ඩාරවෙල , වැල්ලවාය , ලුණුගම්වෙහෙර හරහා කිලෝමීටර් 240ක දුරක් පාගමනින් ගමන් කර මෙම මස 18 වන දින වන විට කතරගම පූජා භූමියට ලඟා වීමට නියමිත බව සඳහන්.

මොවුන් දිනකට කිලෝමීටර් 20 -25 අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල් වල රාත්‍රී කාලයේ විවේක ගෙන ඉන් අනතුරුව ඊට පසු පසු දින නැවතත් ගමන් අරඹන බව වාර්තා වේ.

Exit mobile version