දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් ඇරඹේ.

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) දින ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

එම පාසල්වල පළමු පාසල් වාරය පසුගිය සිකුරාදා දිනෙන් අවසන් වුණි.

ඒ අනුව දෙවන පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බව සදහන්.

දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා ක්‍රියාත්මක වේ.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිත අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පවත්වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version