සොරකමේ ගිය විදේශිකයා මාට්ටු.

වැලිගම ප්‍රදේශයේ හෝටලයකට ඇතුළු වී මුදල් හා භාණ්ඩ සොරාගත් විදෙස් ජාතිකයෙකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.

මෙම සැකකරු විසින් අදාළ හෝටලයේ දොර කඩා එයට ඇතුළු වී රුපියල් 48,500 ක මුදලක් හා ලක්ෂ 3 ක් පමණ වටිනා දේපළ සොරකම් කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතික සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඔහු විසින් සොරා ගත් දේපළ සොයා වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version