පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති පාර්ලිමේන්තුවට කැඳවයි.

චැනල් 4 වැඩසටහනේ අන්තර්ගතය සොයා බැලීමට කමිටුවක් පත් කරන බවට ශ්‍රී ලංකා ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූ බව වාර්තා වේ.

චැනල් 4 වීඩියෝ පටයේ අන්තර්ගතය විමර්ශනය කිරීමට කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා සහ රජය තීරණයකට එළැඹි බවට ඔහු ප්‍රකාශ කර තිබේ.

“ජනාධිපතිවරයා සහ රජය බලාපොරොත්තු වන්නේ සාක්ෂිකරුවන්ට නැවත රටට පැමිණිය නොහැකි නම්, විදේශයන්හි සිට Zoom හරහා සාක්ෂි ලබාදීමට ඉඩ සලසන කමිටුවක් පත් කිරීමටයි” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

“මෙතන හාස්‍යජනක කාරණය තමයි සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගේන්න මුස්ලිම් ගැබිනි කාන්තාවක් සහ පිරිමි 09 දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළා. මේ දේවල් වෙන්නේ ලංකාවේ සහ ඉන්දීය සිනමාවේ විතරයි” යනුවෙන් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර තිබේ.

හිටපු නීතිපතිවරයා එම ධූරයේ කටයුතු කරමින් සිටියදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවත්, හිටපු නීතිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version