හෙල්මටයකින් පහර දී මිතුරාව ඝාතනය කරලා.

මත්පැන් බීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තම මිතුරාට හෙල්මටයකින් පහර දී ඝාතනය කළ අයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු අස්වැන්න වත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් වන අතර මරණකරු හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකි.

සැකකරු අද (08) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Exit mobile version