පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියකු පලා යාමට තැත් කිරීමේදී මහවැලි ගඟේ ජල පහරට හසුව අතුරුදන්ව ඇති බවට පල්ලේකැලේ පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම සිර කඳවුරේ වගා අංශයේ සේවයෙහි යොදවා සිටි 36 හැවිරිදි රැඳවියකු මෙලෙස අතුරුදන්ව ඇති බවට බන්ධනාගාර මූලස්ථානය තහවුරු කර තිබේ.
එම රැඳවියා බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවට පොලිසිය වැඩිදුරටත් කරුණු අනාවරණය කරයි.
