ඊයේ (15) දහවල් ත්‍රීරෝද රථ රියදුරෙකුගේ හිසට මිටියකින් පහර දී ඔහුගේ ගෙල බැඳි රන් මාලය කොල්ල කෑ තරුණියක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා අලවතුගොඩ පොලීසිය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ .
මෙම තරුණිය කුලී ගමනක් යන මුවාවෙන් මෙම ත්‍රීරෝද රථයට නැගී ඇති අතර පාළු ප්‍රදේශයක දී මෙලෙස පහර දී රන් මාලය කොල්ල කා තිබේ . එම අවස්ථාවේදී පහරකෑමට ලක් වූ රියදුරා කෑ ගසන හඬ ඇසී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් සැකකාර තරුණිය අල්ලා පොලීසියට භාරදී තිබේ .
සැකකාර තරුණිය අංකුඹුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක් වන අතර ත්‍රීරෝද රථ රියදුරු 54 හැවිරිදි වියේ අයෙකි .
