මිරිහාන පොලීසියේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ තොගයක් උකස් තබා මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
පොලිස් ස්ථානය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ නඩු භාණ්ඩ පසුගිය ජූලි මස 31 වැනිදා පැමිණිලිකරුවන් වෙත ලබාදීමට අධිකරණය නියෝග ලබා දී තිබූ බව සදහන්.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා එම නියෝගය පැහැර හැර එම රන් භාණ්ඩ නුගේගොඩ හා මහරගම ප්‍රදේශයේ පිහිටි උකස් මධ්‍යස්ථානයක් වෙත උකස් කර මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වූ බවට පොලීසිය පවසයි.
මිරිහාන පොලීසියේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර කැටන්දොල අක්මීමන ප්‍රදේශයේ සැඟව සිටියදී උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.