උගතුන් රටේ රඳවා ගන්න ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් , ආණ්ඩුවෙන් බුද්ධිමතුන්ට දක්වන ප්‍රතිචාරය නිසා උගතුන්ට තවත් කළකිරීමක් ඇති වී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඇය පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වැසී ගියත් රජයට ප්‍රශ්නයක් නොමැති බවත් , දැයේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මේ හේතුවෙන් අහිමි වන බවත් ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ,
“හරියටම අඩක් විතර සරසවි ඇදුරන්ගේ හිඟයක් තියෙනවා. අධ්‍යාපන කටයුතු සහ වෙනත් හේතු නිසා ආචාර්යවරු පිටරටවලට යනවා . වැටුප මූලික කරගත් ආර්ථීක ප්‍රශ්නයක්ම නොවෙයි මෙය.
මේ අය විදෙස් ගත වීමට හේතුව රට ගැන බලාපොරොත්තුවක් අනාගතය ගැන නිශ්චිත බවක් නැතිවීමයි. රට යන තත්ත්වය ගැන අද කිසිවෙකුට කියන්න බැහැ. සෑම ක්ෂේත්‍රයකටම බලපාන අර්බුදයක් රට තුළ මතු වෙමින් පවතිනවා.“
