ආණ්ඩුව දැන් කල් ඉකුත් වෙලා – පිළුණු වෙලා – ලක්ෂ්මන් කිරිඇල්ල .

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇති බවත් , ආණ්ඩුව මේ වන විට පිළුණු වී ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ජනතාව මැතිවරණයක් ඉල්ලන බවත් , මෙරට කඩිනම් අවශ්‍යතාවය මැතිවරණයක් බවත් , මැතිවරණ නීති රීති වෙනස් කරන්න ගොස් ප්‍රශ්නය ව්‍යාකූල කර සංකීර්ණ කර ප්‍රශ්න ඇතිකර නොගන්නා ලෙසත් ඔහු එහිදී සදහන් කරන ලදී .

එමෙන්ම මැතිවරණයක් පවත්වා ජන මතය අනුව එම නීති වෙනස් කරමු යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාවක් ද ඉදිරිපත් කළ බව වාර්තා වේ .

Exit mobile version