නෙළුම් කුළුණේ කුරුටු ගී ලියා හමාරයි .

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් ස්ථානය මේ වන විට නව වෙනසකට ලක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කුළුණේ නැරඹුම් ස්ථානයේ සිට අවට පෙනෙන කොළඹ ප්‍රසිද්ධ ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව වාර්තා වේ.

නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියේ පිහිටි බිත්තිවලට හානි කිරීම් පසුගිය කාලයේ විශාල වශයෙන් වාර්තා වූ අතර ඒවා නැවත පිළිසකර කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවූ බැවින් මෙම නව වැඩපිළිවෙල යටතේ බිත්තිවලට නැවත හානි සිදු කළ නොහැකි වන ආකාරයට පුවරු සවිකර ඇති බව සදහන්.

ඒ අනුව නෙළුම් කුළුණේ නිරීක්ෂණ මැදිරියේ හදුනාගත් අභියෝග මත පදනම්ව ,ක්‍රියාකාරී පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

Exit mobile version