කොටුව දුම්රියපොළ ඉදිරිපිට විශාල ප්‍රමාණයේ මාර ගහක් කඩා වැටීමෙන් ඕල්කට් මාවතේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව වාර්තා වේ.
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආරක්ෂක අංශ මේ වනවිට ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.
මේ අතර ඇදහැලෙන තද වැසි සමඟ කොළඹ මරදාන, ආමර්වීදිය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවද වාර්තා වේ.
