සම්භාහන මධ්‍යස්ථාන හිමිකාරියකගේ විවාහයට ස්ථානාධිපති අත්සන් කරලා.

සම්භාහන මධ්‍යස්ථාන රැසක හිමිකාරීත්වය දරණ කාන්තාවක සමඟ විවාහ ගිවිසගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධව පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

බස්නාහිර පළාතේ සම්බාහන මධ්‍යස්ථාන බහුලව තිබෙන ප්‍රදේශයක පොලිසියක රාජකාරි කරන මෙම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයාගේ විවාහයට සාක්ෂිය ලෙස ඔහු රාජකාරි කරන පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්සන් යොදා ඇති බවත් , මෙම කාන්තව දෙදරු මවක් බවත් , පළමු විවාහයෙන් වෙන්වී සිටින අයෙක් බවත් විමර්ශනවලින් හෙළිව තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කර තිබේ .

එමෙන්ම උප පොලිස් පරීක්ෂක වරයාගේ දෙමව්පියන්ගේ දැනුවත් වීමකින් තොරව මෙම විවාහය සිදුවී ඇති බව වැඩිදුරටත් පොලිසිය ප්‍රකාශ කර තිබේ .

Exit mobile version