- ගොවියා සවිබල ගන්වා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරනවා.
- කෘෂි අපනයන ආර්ථිකයක් නැවත ශ්‍රී ලංකාවේ ඇති කිරීම ප්රමුඛ අරමුණයි – ජනපති නොච්චියාගම දී පවසයි.
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි.
( ජනාධිපති මාධ්‍ය ඒකකය )
