හොලිවුඩ් තිර රචකයින්ගේ වර්ජනය අවසන්.

මාස පහක් පුරා පැවති හොලිවුඩ් තිර රචකයින්ගේ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.

චිත්‍රාගාර ප්‍රධානීන් සමග තාවකාලික ගිවිසුමකට එළැඹීමෙන් පසු ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

දශක ගණනාවකට පසු හොලිවුඩයේ පැවති දීර්ඝතම වැඩ වර්ජනය මෙය වන අතර,ඒ හේතුවෙන් බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කටයුතු අතරමග ඇනහිට තිබූ බව සදහන්.

සාධාරණ ගෙවීමක් සහ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලමින් පසුගිය මැයි දෙවනදා මෙම වර්ජනය අරඹමින් සිදුකළ පා ගමන නිසා කැලිෆෝනියාවේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුව තිබූ බව වාර්තා වේ.

Exit mobile version