රෝහල් ලේකම්ට පාට් දැමූ සුළු සේවකයා අල්ලයි.

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ රෝහල් ලේකම්වරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දී ඔහුගේ බිරිඳ සහ දරුවන්ට මරණීය තර්ජනය කළේ යැයි කියන එහි සුළු සේවකයකු මුල්ලේරියාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රෝහල් ලේකම්වරයා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම සුළු සේවකයා සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

රෝහල් ලේකම්වරයා ඔහුගේ බිරිය සහ දරුවන් සමඟ පදිංචිව සිටින්නේ රෝහල් පරිශ්‍රයේ පිහිටි නිල නිවසකය.
 

Exit mobile version