කුරුණෑගල තණමක්ගම ප්‍රදේශයේ මුහුණු පොත හරහා හදුනාගත් පුද්ගලයෙකු තම අනියම් සැමියා වශයෙන් තබා ගත් කාන්තාවක් ඇයගේ නීත්‍යානුකූල සැමියා විසින් අනියම් සැමියාට භාර දුන් බව වාර්තා වේ.
35 හැවිරිදි මෙම කාන්තාව මුහුණු පොත හරහා පුද්ගලයෙකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබේ.පසුව මෙම අනියම් සැමියා තම නිවසට ගෙන්වා ගෙන ඇති අතර මෙම කාන්තාව තම නීත්‍යානුකූල සැමියා සහ අනියම් සැමියා සමඟ සුහදව සිට ඇති බව සඳහන්.
පසුව මෙම කාන්තාව ගැබ් ගෙන ඇති අතර මෙම කාන්තාව අනියම් සැමියා සමඟ එක්ව නිත්‍යානුකූල සැමියාට සිය නිවසින් යන ලෙසට පවසා නිතර රණ්ඩු සරුවල් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල සැමියා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අනතුරුව මෙම තිදෙනාම පොලිසිය වෙත කැඳවා තිබේ.එම අවස්ථාවේ දී තම නීත්‍යානුකූල සැමියා සමඟ ජීවත් වීමට නොහැකි බව මෙම කාන්තාව ප්‍රකාශ කර තිබෙන අතර නීත්‍යානුකූල සැමියා විසින් තම ගැබිණි බිරිඳ අනියම් සැමියාට භාර දුන් බව සඳහන් වේ.
එමෙන්ම අවුරුදු 10 ක් වයසැති දරුවා ද බිරිඳ විසින් ඉල්ලා ඇති අතර එම දරුවා ද බිරිඳ වෙත භාර දීමට නීත්‍යානුකූල සැමියා කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
