සිය බිරිඳ ඝාතනය කොට පොලිතීන් උරවල ඔතා නිවස අසල වළදැමූ පුද්ගලයකු මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
දින කිහිපයක සිට අතුරුදන් දියණිය පිළිබඳ තොරතුරු සොයා ඇය පදිංචිව සිටි නිවසට ගිය මව නිවස අසල කිසියම් දෙයක් වළදමා තිබෙන බවට සැක සිතී මුල්ලියාවේලි පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඝාතනය කළ කාන්තාවගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එලෙස ඝාතනය කොට ඇත්තේ මුලතිව් පුදුකුඩිරිප්පු හි පදිංචි ටි.ගීතා නැමති 23 හැවිරිදි කාන්තාවකි.
ඝාතනයත් සමඟ මියගිය කාන්තාවගේ සැමියා සැඟව සිට ඇති බවත් පසුව සිදුකළ විමර්ශන වලදී සැකකරු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
