ස්වාමි පුරුෂයා විසින් සිය බිරිඳට ගිනි තබා ඝාතනය කළ පුවතක් වාර්තා වේ.
පසුගිය (24) වැනිදා කොටුවිල පාසල අසලදී පවුල් ආරවුලක් හේතුවෙන් අදාළ ඝාතකයා විසින් ඔහුගේ සිරුරට ගිනි තබා ,පසුව බිරිඳව වැළදගෙන ඇති අතර එම අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණද ,එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී බිරිඳ ඊයේ (30) ජීවිතක්ෂයට පත්වූ බව සදහන්.
ජීවිතක්ෂයට පත් වූ තැනැත්තිය 44 හැවිරිදි කාන්තාවක් වන අතර ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි සැමියා වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
