ලෙබනනයේදී ගොඩනැගිල්ලකට යට වුණු කාන්තාවගේ අනන්‍යතාවය හෙළි වෙයි.

ලෙබනනයේදී සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ එලෙස අනතුරට ලක්ව ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“ඊයේ දින ලෙබනනයේ බේරුෆ් නගරයට ආසන්න ප්‍රදේශයක මහල් 7න් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටීමට ලක්වී තියෙනවා. මේ ගොඩනැගිල්ලේ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු 5දෙනෙක් සිරවී ඇති බව තමයි වාර්තා වුණේ තානාපති කාර්යාලය පැවසූ පරිදි. ශ්‍රී ලාංකික කාන්තාව අවුරුදු 65ක් පමණැති ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අපි තානාපති කාර්යාලයෙන් ලැබෙන පරිදි අදාළ පාර්ශවයට දැන්වීමට අවශ්‍ය කටයුතු කරනවා ඉදිරියේ.”

Exit mobile version