ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ අනන්‍යතාවය හෙළි වෙයි.

අනවසරයෙන් දේශසීමා හරහා ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට ඇතුළු වීමේ දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු වී තිබෙන බව වාර්තා වේ .

මීට දින දෙකකට පෙර ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 50ක් වූ ජේ.ඒ. චමිලා තුෂාරි සහ වයස අවුරුදු 44ක් වූ කේ. ඒ. ශ්‍රියානි මංජුලා කුලතුංග යන කාන්තාවන්ය.

මෙම කාන්තාවන් දෙදෙනා ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ බැවින් ඔවුන් නැවතත් ජෝර්දානයට යවන බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ .

Exit mobile version