IMF යෝජනාව ගෙනාවේ බොරුවට . – චන්දිම වීරක්කොඩි.

IMF යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ බොරුවට බවත් , එය පාර්ලිමේන්තුව නොමග යැවීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම වර්තමානයේ රටේ පවතින්නේ ඒකාධිපති පාලනයක් බවත් , මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන් තේරී පත් වුණු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ග්‍රහණය කරගෙන ඇති බවත් , ඔහු පාර්ලිමේන්තුවේ ඒකාධිපති පාලනයක් ගෙන යන බවත් චන්දිම වීරක්කොඩි මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version