ඉන්දීය රජය විසින් කැනඩා පුරවැසියනට වීසා ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඊට හේතු වූයේ සික් කැනේඩියානු ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙනි.
මෙම ඝාතනයට ඉන්දියාව සම්බන්ධව චෝදනා එල්ල වී ඇත.
ඊට පදනම් වී ඇත්තේ ප්‍රධාන මිතුරෙකු විසින් සපයන ලද බුද්ධි තොරතුරු ඇතුළුව කැනඩාවේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිරීක්ෂණ මත බව කැනේඩියානු නිලධාරියෙක් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා ඇති බව සදහන්.
හර්දිප් සිංග් නිජ්ජාර් නැමැති බලිස්තාන විමුක්ති බෙදුම්වාදී සංවිධානයේ සාමාජිකයා ඝාතනය වී ඇත්තේ ඉන්දීය රජයේ මැදිහත්වීම මත බවට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ද එරට පාර්ලිමේන්තුවේ දී චෝදනා කර තිබේ.
