ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බවට තොරතුරු වාර්තා වේ.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටිය සහ ඒ අවට ප්‍රදේශ වලට අද උදෑසන කාලයේ සිට වර්ෂාව ඇදහැලීම හේතුවෙනි.
මේ වන විටත් ක්‍රීඩාපිටිය වැසි ආවරණ වලින් ආවරණය කර තිබෙන අයුරු දැක ගත හැකි බව සදහන්.
ඊයේ (10) දිනයේ ද ඉන්දු පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවූ අතර ඒ අනුව තරගය අද දිනයේ පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කළ ද, අද දිනයෙත් නිසි වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
