පහර කෑමෙන් තුවාල ලැබූ සැරයන් රෝහලට.

තඹුත්තේගම පොලීසියේ පොලිස් සැරයන්වරයෙකු ට පහර දී තුවාල සිදු කළ පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

තඹුත්තේගම තිස්පනේපුර පදිංචි මවක විසින් සිය පුතා පහරදෙන බවට සිදු කළ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේදී එම පැමිණිලිකාරියගේ පුත්‍රයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සඳහන්.

Exit mobile version