කතරගම – බුත්තල පාර වසා උද්ඝෝෂණයක්.

කතරගම – බුත්තල මාර්ගයේ කෝන්කැටිය ග්‍රාම නිලධාරි වසමේ වල් අලියෙකු පහර දීමකින් කාන්තාවක් මිය යෑමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කෝන් කැටිය සීමාවේ කතරගම-බුත්තල මාර්ගය වසා අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ .

දිනපතාම මිනිස් ජීවිත වලට සහ දේපළවලට වන අලින් කෙතරම් හානි සිදු කලත් වනජීවී නිලධාරීන් ඇතුළු වගකිවයුතු අංශ එයට ස්ථිර විසඳුමක් ලබා නොදෙන බව පවසමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී සිටි අතර දුර බැහැර ප්‍රදේශයන්හි සිට කතරගම වන්දනාවේ පැමිණෙමින් සිටි වාහන විශාල සංඛ්‍යාවක් සහ කතරගම සිට බුත්තල මොණරාගල දෙසට යන වාහන විශාල සංඛ්‍යාවක් මාර්ගයේ දෙකොනෙහි පෝලිම් ගැසී තිබූ බව සඳහන් වේ.

එම ස්ථානයට ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස සමඟ සාකච්ඡා කර අනතුරුව උද්ඝෝෂණය සමතයකට පත් කළ බව වාර්තා වේ .

Exit mobile version