කොරියානුවා කොටු වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ බලපත්‍රයක් නොමැතිව දකුණු කොරියාවේ රැකියා සදහා පුද්ගලයන් පිටත්කර හැරීමේ චෝදනාවට කොරියානු ජාතිකයෙක් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ විමර්ශණ අංශ විසින් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවට එම කාර්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම පුද්ගලයා පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඔහු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශණ ක්‍රියාත්මක බවද එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version