ව්‍යාජ ස්ටිකර් අලවන අයට නීතිය තදයි.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ සමාගම්වලට  ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් , ව්‍යාජ ස්ටිකර් ඇතුළු නිෂ්පාදන ආයතන තුළ සිදුවන විවිධ අක්‍රමිකතා සහ වංචා මැඩලීමේ අරමුණින් මධ්‍යගත නිරීක්ෂණ කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදාට පෙර සිය ආයතනවල කැමරා පද්ධති සවිකර නිම කරන ලෙස මත්පැන් නිෂ්පාදන ආයතන නියෝජිතයින්ට දැනුම් දී ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version