ලයිට් බිලත් අහස උසට – බත් පැකට්ටුවත් අහස උසට – ජනතාව හාමතේ .

විදුලි බිල වැඩි වීමත් සමඟ හැටන් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල සමහර හෝටල්වල විවිධ කෙටි කෑම හා අනිකුත් කෑම වර්ගවල මිල ඉහළ යාමත් සමඟ ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ .

මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ සමහර පිරිස් පවසනුයේ විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ සමහර හෝටල්වල රයිස්, කොත්තු, බත් පැකට්ටුවේ මෙන්ම රෝල්ස්, පැටිස්, වැනි කෙටි කෑම වර්ගවල මිලද ඉහළ ගොස් ඇති බවයි .

මෙම කැම වර්ගවල මිල මෙසේ ඉහළ යාමේ තත්වයන් මත තමන් කබලෙන් ලිපට වැටෙන තත්වයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් සඳහන් කරයි .

නමුත් මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන හෝටල් හිමියන් කිහිප දෙනකුම පවසන ලද්දේ විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ තම හෝටල්වල කෑම ගාස්තු අකමැත්තෙන් හෝ ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

මෙයින් අහිංසක පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත් වුවද තම හෝටල් නිසි ලෙස පවත්වාගෙන යාමට නම් කෑම මිල ඉහළ දැමීමට සිදුවන බවද එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version