නෙළුම් කුළුණේ කුරුටු ගෑ පෙම්වතුන් අත්අඩංගුවට .

කොළඹ නෙළුම් කුලුණ නැරඹීමට පැමිණි තරුණ යුවලක් කුලුණ මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුණේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදීමට කටයුතු කර ඇති බව සදහන්.

මහජනතාව වෙත නෙළුම් කුලුණ විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරින් ප්‍රකාශ කර සිටියේ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන,ජනතාව එහි දේපලවලට හානි සිදු කළහොත් ඔවුන්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි .

ඒ අනුව මෙම යුවල අත්අඩංගුවට පත්ව තිබේ.

Exit mobile version