පොලිස් සැරයන්ට පහර දීමට තැත් කළ පුද්ගලයා බන්ධනාගාරයට.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පොලිස් නිලධාරියකුගේ නිළ ඇඳුමෙන් ඇඳ පහර දීමට තැත් කළ පුද්ගලයෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

අධිකරණ පොලිස් නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් සැරයන්වරයා බන්ධනාගාරගත සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියේ ඇති වූ ඝෝෂාව හේතුවෙන් සිර මැදිරිය අසලට ගොස් ඔවුන්ට නිශ්ශබ්දව සිටින ලෙස දැනුම් දීමේ දී සිර මැදිරිය තුළ සිට සැකකරු සැරයන්ගේ නිල ඇඳුමෙන් ඇඳ පහර දීමට තැත් කළ බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version