දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලයි.

ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ සිදු වී ඇති බව කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් පැවැත්වූ විගණනයේ වාර්තාව වාහාම ප්‍රසිද්ධ කරන ලෙස එම සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටින බව වාර්තා වේ .

එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනා නීති විරෝධීව ලබාගෙන ඇති බව කියන දීමනා, කතරගම විශ්‍රාම ශාලාවේ සහ රත්මලාන ප්‍රධාන කාර්යාලයේ නව ඉදිකරීම් සහ අලුත්වැඩියා සඳහා වැය වූ මුදල් ආදිය පිළිබඳව සාමාජිකයන් කළ පැමිණිල්ලකට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් අදාළ අභ්‍යන්තර විගණනය පැවැත්වූ බවත් එහි සාමාජිකයන් ප්‍රකාශ කරති.

එම සාමාජිකයන් වැඩි දුරටත් සඳහන් කරන්නේ අදාළ නිලධාරීන් සිවුදෙනා මූලික වැටුපෙන් තුනෙන් එකක් දීමනා ලෙස නීති විරෝධීව ගෙන ඇති බවත් , ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය හිමි පනතක් ඔස්සේ ස්ථාපිත කර ඇති ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ නිලධාරීන්ට එවැනි දීමනාවක් ගත නොහැකි බවත් ය.

එමෙන්ම අදාළ නිලධාරීන් විමර්ශනය සඳහා සහභාගි වීමට ද සංගමයේ මුදල් ගෙන ඇතැයි දැනගන්නට තිබෙන බවත් , කතරගම විශ්‍රාම ශාලාවේ ආදායම පසුගිය ජනවාරි මස සිට බැංකුගතකර නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කරති.

Exit mobile version