අඩියක් ගසා අනතුරක් කළ අධිකරණ ඇමති ඉල්ලා අස් වෙලා.

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සහ අත්අඩංගුවට ගැනීමේදී ඊට විරුද්ධවීම යන චෝදනා මත නවසීලන්ත අධිකරණ ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

එම රිය අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර නවසීලන්ත අධිකරණ ඇමතිනිය වන 39 හැවිරිදි කිරි ඇලන්, ‍රිය අනතුරින් අනතුරුව බීමත්ව සිටි බව තහවුරු වී තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කිරි ඇලන් පැය 04ක කාලයක් පොලීසිය තුළ රඳවාගෙන සිට නිදහස් කර ඇති අතර, පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නමුත් ඇය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස රැඳී සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version