පැරිස් සමාජයේ සභාපති එම්මානුවෙල් මවුලින් , සම සභාපති විලියම් රූස් සහ උප සභාපති ක්‍රිස්ටෝෆ් බොරිස් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එම සාකච්ඡාව මඟින් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සහයෝගය අවබෝධ කර ගැනීමත් පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට හා ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට දක්වන සහයෝගය උදෙසා ස්තූතිය පුද කිරීමට ද කටයුතු කළ බව වාර්තා වේ.
