ඖෂධ ගෙන්වන්න මුදල් දෙන්න මුදල් අමාත්‍යාංශය එකඟ වෙයි.

ඖෂධ ආනයනය සඳහා මාසිකව අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් ලබා දීමට පසුගියදා මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යාංශය සිය එකඟතාව පළ කර තිබෙන බව වාර්තා වේ.

මේ සඳහා මාසිකව ඩොලර් මිලියන 13 ක් පමණ වැය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම දැනට හිඟව පවතින ඖෂධ වර්ග හැකි ඉක්මනින් ආනයනය කිරීමටත් පියවර ගන්නා බව ඔවුන් සඳහන් කර තිබේ.

Exit mobile version