- රට විරුවන්ගේ සල්ලිවලින් පිළිකා ඖෂධ වැඩි මිලට ගන්න යයි.
- අඩු මිලට බෙහෙත් දෙන්න හැදු අයට ටෙන්ඩර් දීලා නැ.
- රු3000 හේ බෙහෙත රු31000යි.
- රු5000 හේ බෙහෙත රු49000යි.
මීට පෙර ඩොලර් තුනකට මිලදී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් තිස් එක් දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙද පොළේ රුපියල් තුන්දහසකට පමණ මිලදී ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කලේය.එමෙන්ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නව දහසක් ලෙස දක්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සදහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාලව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාල ටෙන්ඩර් පිරිනැවීමට නිර්දේශ කරනු ලැබ ඇති අතර මෙවර මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩි ටෙන්ඩර් ප්‍රමාණයයක් එම ආයතනයට ලබා දීමේ වුවමනාව මත බවද ඉහත ආරංචිමාර්ග සදහන් කලේය. මෙම ආයතනයට පමණක් ලබාදීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධිකය.
ඇතැම් ඖෂධ වර්ග සදහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතී.වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියකල් හතලිස් නවදහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූ හතරක් වැනි වැනි අඩු මිලකටය.එවැනි අවස්ථා ගණනක් මෙම නිර්දේශයෙහි සදහන් වෙයි.
විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිලදී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කීවේය.ටෙන්ඩර් කැදවා ඇත්තේ ඖෂධ වර්ග හතලිස් තුනක් වෙනුවෙනි.
මෙම ඖෂධ ලැයිස්තුවට අදාළව ටෙන්ඩර් පිරිනැමීම සදහා කර ඇත්තේ නිර්දේශ පමණක් බවත් කුමන නිර්දේශ කලද අවසන් තීරණය ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයෙන් බවත් මේ සම්භන්ධයෙන් අප කල විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය.ටෙන්ඩර් මණ්ඩලය මෙම සතියේදී රැස්වීමට නියමිත බවත් අතිරේක ලේකම්වරයා කීවේය.
(මූලාශ්‍රය-අරුණ පුවත්පත)
