අතුරුදන් වූ කොලොන්නේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට .

අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කොලොන්න, නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඊයේ (18) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මිරිහාන පොලීසිය මඟින් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එවේලේ සිය මිතුරකුගේ නිවසක සැඟව සිට ඇති බව සදහන්.

ණයකරුවන්ගෙන් බේරීම සඳහා ඔහු මෙසේ තමා අතුරුදන් වී ඇති බව මවා පාමින් සැඟව සිට ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version