බාල වයස්කාර දරුවෙක් ළිඳට දමන්න හැදූ මවට සහ පුත්‍රයාට වැඩ වරදී.

13 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකුට අයුතු අවහිරයක් හා අපහරණයක් සිදු කර පහරදී ළිඳක් උඩට උස්සා ගෙන ගොස් ළිඳ තුළට අතාරින බවට බිය කළ මවක සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පණ්ඩුකාභයපුර, මහවැව, පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මවක් සහ 16 හැවිරිදි ඇගේ පුත්‍රයායි.

සිද්ධිය සම්බන්ධයෙන් 13 හැවිරිදි බාල වයස්කාර දරුවා ප්‍රකාශ කර ඇත්තේ තම ලොකු තාත්තාගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියදී නිවස අසල පදිංචි සැකකාරිය සහ සැකකරු තම නිවස ආසන්නයේ ඇති වත්තකට තමා බලහත්කාරයෙන් ඇද ගෙන ගොස් පිටට, මුහුණට හා කනට තදින් පහරදී උස්සා ගෙන ළිඳක් උඩට රැගෙන ගොස්, ඒ තුළට අත හරින බවට ප්‍රකාශ කළ බවයි.

මීට මාස හතරකට පෙර අදාළ සිසුවා සැකකරුට යතුරු පැදි සයිලන්සරයකට සවි කරන උපාංගයක් ලබාදී එය නැවත කිහිප වරක් ඉල්ලා සිටීම මෙම පහරදීමට මුල් වී ඇති බව සදහන් .

Exit mobile version