බුදු කුටිය අසළ දමා ගිය බිළිඳාගේ මව රක්ෂිතයට.

පසුගිය 4 වන පෝදා දින 05 ක් වයසැති බිළිඳෙකු මහනුවර ඇල්කඩුව වත්තේගම ප්‍රදේශයේ බුදු කුටියක් අසළ දමාගොස් සිටියදී කාන්තාවන් දෙදෙනෙකු විසින් සොයා ගැනුණි.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු බිළිඳාගේ මව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ.

මෙම බිළිඳා මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර බිළිඳාගේ අවශ්‍යතාවය සලකා බලා බිළිඳාගේ මව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහනුවර ජාතික රෝහලේ නේවාසිකව රඳවා සිටින බව සඳහන්.

Exit mobile version