විදුලි රැහැනේ පැටලී දෙදරු මව මරුට.

වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී අද( 16 ) අලුයම හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

 මෙසේ මියගොස් ඇත්තේ මැදගෙදර  මාලදොල හල්දුම්මුල්ල පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ පොඩිමැණිකේ නමැති හැට හැවිරිදි  දෙදරු මවකි. 

සිය කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක් අත්වැරදීමකින් ඇල්ලීමට ගොස් මෙම කාන්තාවට විදුලිය වැදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලීසිය කියයි.

Exit mobile version