දරුවාගේ මුඛය පිළිස්සූ මව අත්අඩංගුවට .

මවක් විසින් ගිනිකූරක් දල්වා වයස අවුරුදු 3ක දරුවකුගේ මුඛයට දමා පුළුස්සා දැමීමේ සිදුවීමක් දිවුලපිටියෙන් වාර්තා වෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වයස අවුරුදු 29ක් වූ එම මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය පවසා ඇත්තේ තම දරුවා අසභ්‍ය වචන කතා කරන බවත්, එය නවතා දැමීම සඳහා දරුවා බිය ගැන්වීමට මෙම ක්‍රියාව සිදුකළ බවත්ය. 

Exit mobile version