මවගේ දෙවන සැමියා බව කියන පුද්ගලයකු එල්ල කළ යකඩ පොලු පහරකින් 17 හැවිරිදි බාල වයස්කරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට පොලිසිය වාර්තා කරයි.
කදාන දකුණු බටගම නිවෙසක සිදුවූ බහින් බස්වීමකදී ඉකුත් 12 වැනි දා පහර කෑ මෙම බාලවයස්කරුවා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව සදහන්.
මෙසේ මියගොස් ඇත්තේ දිල්ෂාන් ඩැනියෙල් (17) හැවිරිදි බාලවයස්කරුවෙකු වන අතර පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
