ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලට අයත් පිස්තෝල අවිය ක්‍රියාත්මක වී පිටවූ උණ්ඩයෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂකනිලධාරියකු ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකු විසින් එම ගිනි අවිය පිරිසුදු කිරීමට යාමේදී එම පිස්තෝල අවිය ක්‍රියාත්මක වී යාබදව සිටි සිවිල් ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් .
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කන්තලේ පොලිසිය විසින් සිදුකරන බව වාර්තා වේ .