ඊයේ (09) රාත්‍රියේ නාගොල්ලාගම නගරයේ පොළ භූමිය තුළ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මෙම තුවාලකරුවන්ගෙන් එක් අයෙකු වැඩි දුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබේ.
මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අවුරුදු 16 ත් 47 ත් අතර පසුවන්නන් බව සඳහන්. සැකකරුවන් අද (10) මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම පහර දීම සඳහා උපයෝගී කරගත් යකඩ බටයක් , පිහියක් සහ යතුරු පැදි හතරක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
