ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන වසරේ දී (2024) කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) පැවසූ බව වාර්තා වේ.
ඒ අනුව ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයකු දිවුරුම් දෙන බවත් හෙතෙම පවසයි.
ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කල්දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවට පීරිස් මහතා කී අතර ජනාධිපතිවරණය කල්දැමීම ජනමත විචාරණයකින් ද කළ නොහැකි බවට සඳහන් කර තිබේ.
නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එසේ පවසා තිබේ.