අලුත උපන් බිළිඳිය රෝහල පිටුපස දමා ගිහින්.

දින තුනක් වයසැති බිළිඳියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිළිඳිය බිහිකළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

මහියංගනය මූලික රෝහලේ වාට්ටුවක අධික රුධිරය වහනය වෙමින් සිටි කාන්තාවක් ගැන ඇති වූ සැකයක් මත කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඇය මෙම බිළිඳිය බිහිකර ඇති බවට තොරතුරු හෙළි වූ බවට පොලීසිය පවසයි.

දරුවා බිහි කිරීමෙන් පසු රෝහල පිටුපසට ගෙනැවිත් තැබූ බවට සැකකාර කාන්තාව පොලිසියට පවසා තිබේ.

දින තුනක් වයසැති බිළිඳිය එම රෝහලේ විශේෂිත ළමා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.

Exit mobile version