ළමා අපචාර, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් වැනි විවිධ චෝදනාවලට වරදකරුවන් සහ සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටින අනෙකුත් ආගමික පුජකවරුන් හා සසඳන විට සිරගත කර ඇති බෞද්ධ භික්ෂූන් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙන අතර විවිධ චෝදනාවලට වරදකරුවන් සහ සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටින ආගමික පුජකවරුන්ගේ දත්ත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා තිබූ අතර, එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙම වර්ෂයේ ජූනි 01 වැනිදාට අදාළ දත්ත ඊයේ (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව වාර්තා වේ .
ඒ අනුව ළමා අපචාර 23 , ස්ත්‍රී දූෂණ 4, මිනීමැරුම් 3, මුල්‍ය වංචා 2, නිධන් හෑරීම 3 , බරපතල ලිංගික අපයෝජන 2, සහ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම් 1 ඇතුළු චෝදනාවලට වරදකරුවන් සහ සැකකරුවන් ලෙස භික්ෂූන් 38දෙනෙක් බන්ධනාගාරගතව සිටින බව රාජ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ දත්තවලින් අනාවරණය වී තිබේ.
ළමා අපචාර, මිනීමැරුම් සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හින්දු පූජකවරුන් තිදෙනෙක් වරදකරුවන් සහ සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව ඇති අතර එක් කතෝලික පූජකවරයෙක් මිනීමැරුම් චෝදනාවලට සැකකරුවෙක් ලෙස සිරගතව සිටින බව සඳහන් වේ.
ඉහත කී කිසිඳු චෝදනාවකට ඉස්ලාම් පූජකවරයෙක් සිරගතව නොමැති බව වාර්තා වේ .
තවද ළමා අපචාර වැනි සිද්ධීන්වලට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා වැරදිකරුවන් බව අධිකරණ ක්‍රියාමාර්ගවලින් තහවුරු වනතුරු ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නොමැති වූවත් එවැනි භික්ෂූන් වහන්සේලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම බෞද්ධ නිකායන් මඟින් පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එවැනි සිද්ධීන් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වා දෙන ලෙසත්, පවතින නීතිමය ප්‍රතිපාදන අනුව එවැනි වැරදි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, සැමවිටම අදාළ බලධාරීන්ට උපදෙස් දෙන බවත් සියම් නිකායේ අස්ගිරි පාර්ශවය සඳහන් කර තිබේ .
